English English සිංහල සිංහල தமிழ் தமிழ்

වැට් බද්ද 3%කින් ඉහළට – අතුරු අයවැයේ යෝජනා සියල්ල.

Facebook
Twitter
LinkedIn

සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ නැංවීම මෙන්ම ආහාර සුරක්ෂිතභාවය නොමැති පවුල් 61,000 කට මාස හතරක් රුපියල් දස දහස බැගින් ලබාදීම ඇතුලූ කරුණු රැසක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් යෝජනා කෙරුණා.

 

2022 වසර සදහා වන අතුරු අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පස්වරු එකයි තුනට පමණ ජනාධිපතිවරයා අයවැය කථාව ආරම්භ කළ අතර, පැයකට ආසන්න කාලයක් ඔහු අතුරු වැය ඉදිරිපත් කරනු ලැබුවා.

 

අතුරු අයවැය ඇස්තමේන්තුව අනුව මෙම වසරේ මුළු ආදයම රුපියල් බිලියන 2094ක් වන අතර, වියදම ලෙස ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් බිලියන 4427ක්. ඒ අනුව අයවැය හිගය බිලියන 2333ක් දක්වා ඉහල ගොස් ඇති අතර එය දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8ක් වනවා.

 

ජනාධිපතිවරයා අතුරු අයවැය කථාව ආරම්භ කළේ ආර්ථික අර්බුදයට හේතු සදහන් කරමින්.

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එක`ගතාවන් සහ 2023 අයවැය මගින් ආර්ථික ස්ථායිකරණය හා පුනර්ජීවනය සදහා අවශ්‍ය වන රාමුව, අතුරු අයවැය මගින් සකස් කර ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා.

 

ආදායම් යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ අනිද්දා සිට, වැට් හෙවත් එකතු කල අගය මත බද්ද සියයට 15 දක්වා ඉහළ නංවන බවයි.

 

රේගු දෙපාර්තමේන්තුව පිළිබද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසාන වාර්තාවේ නිර්දේශ ද කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිවරයා කියා සිටියා.

 

රාජ්‍ය ආයතනවල වංචා, නාස්තිය සහ දූෂණ හදුනාගැනීම සහ වලක්වා ගැනීම සදහා ඇමරිකාවේ පවතින ක‍්‍රමවේදය කි‍්‍රයාවට නංවන බවයි ඔහු සදහන් කළේ.

 

කාර්යක්ෂම මහජන සේවාවක් සැලසීම හා පරිපාලන කටයුතු පහසුකිරීම ස`දහා ප‍්‍රාදේශීය සභා 22ක් ආසන්නයේම පිහිටි නගර සභාවට හෝ මහනගර සභාවට ඒකාබද්ධ කිරීමටද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

 

එසේම, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අයවැයෙන් ඉහළ නැංවු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව 60 දක්වා පහත දමන බව ජනාධිපතිවරයා කියා සිටියා.

 

තවද විද්‍යුත් වාහන පමණක් ඉදිරියේදී රජයේ සේවයේ කාර්යයන් සදහා යෙදවීමට මිලට ගනු ලබන බවයි අතුරු අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ.

භු දේශපාලනික වශයෙන් වැදගත් ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක උපාය මාර්ග සමාලෝචනය කිරීමටද පියවර ගන්නා බව සදහන් කළ ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව 2030 ලෙස එය නම් කර ඇති බව සදහන් කළා.

 

රජය සතු ව්‍යවසායන් ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවන බව සදහන් කළ ජනාධිපතිවරයා, යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කරනු ලැබුවා.

 

රාජ්‍ය මුදල් කළමණාකරණ පනතක් යටතේ නව නීති සම්පාදනය කරන අතර රාජ්‍ය අදායම් ඉහල නැංවීමේදි පවතින ගැටලූ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක‍්‍රම සහ විධි පිළිබද පාර්ලිමේන්තු කමිටුවක් ස්ථාපිත කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

 

ඔහු වැඩිදුරටත් සදහන් කළේ මහබැංකුව, විදේශ සම්පත්, ජාතික අයවැය, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු යටතේ සිදුකරණ ණය කළමනාකරන කි‍්‍රයාවලිය වෙනුවට ස්වාධීනව කි‍්‍රයාත්මක වන ජාතික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගරය යටතේ පිහිටුවන බවයි.

 

එසේම, රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් සියයට 20 ක ප‍්‍රමාණයක් එම බැංකුවල තැන්පත් කරුවන් හා සේවකයින් අතර ලබාදෙන බවද ජනාධිපතිවරයා අතුරු අයවැය ඉදිරිපත් කරමින් කියා සිටියා.

 

ගැබිණි මව්වරුන් ස`දහා ලබදෙන රුපියල් 20,000 දීමනාවට අමතරව රුපියල් 2500 ක මාසික අතිරේක දීමනාවක් ලබාදීමට අතුරු අයවැය මගින් යෝජනා කර ඇති අතර, ආහාර සුරක්ෂිතතාවයක් නොමැති පවුලකට ඉදිරි මාස හතර සදහා මසකට රුපියල් දසදහසක් ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එහිදි කියා සිටියේ.

 

එමෙන්ම, වතුකරයේ ජනතාවට මෙන්ම, ධීවරයින්ට භූමිතෙල් සහනාධාරයක් ලබාදීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

 

2022 – 2023 මහකන්නයට යුරියා ගෙන්වීම සදහා රුපියල් බිලියන 40ක් පමණ දැනටමත් වෙන් කර ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා මහ කන්නයේදි පොහොර මිල අඩුවනු ඇතයි විශ්වාසය පලකලා. එසේම, හිගයකින් තොරව ගෑස් සැපයීම සදහා ණය ආධාර යටතේ රුපියල් බිලියන 25ක් වැයකිරීමට අදහස් කරන බවයි ඔහු කියා සිටියේ.

 

එසේම, රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර ඇති ගොවි ණය රුපියල් මිලියන 688 පොලිය රහිතව කපාහරින බවද ජනාධිපතිවරයා සදහන් කළා.

 

විදේශීය සිසුන්ට මෙරට තුල අධ්‍යාපන අවස්ථා ලබාදීමට පෞද්ගලික ආයෝජන දිරි ගන්වන බව සදහන් කළ ජනාධීපතිවරයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපනය කරන බවද කියා සිටියා.

 

හාලි ඇල සිට කොළඹ දක්වා එළවළු පලතුරු සහ අනෙකුත් නිෂ්පාදන ප‍්‍රවාහනය කිරීමට දුම්රියක් යොදවන බවත් දුම්රිය සංවර්ධන කිරීම සදහා පෞද්ගලික ආයෝජන ලබාගන්නා බවත් ජනාධිපතිවරයා සදහන් කළා.

 

දේශියව නිෂ්පාදනය කරනු ලබන විදුලි පාපැදි වලට අවශ්‍ය ආනයනික උපාංග සදහා බදු සහන ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා අතුරු අයවැය ඉදිරිපත් කරමින් කියා සිටියේ.

 

ජනාධිපතිවරයා සිය අතුරු අයවැය කථාව අවසන් කරනු ලැබුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්විමට කොන්දෙසි පනවන දේශපාලන පක්ෂ පිළිබදවද සිහිපත් කරවමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000