English English සිංහල සිංහල தமிழ் தமிழ்

IMF තවත් සාකච්ඡාවක් අද.

Facebook
Twitter
LinkedIn

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ රජයේ නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයන් අතර සාකච්ඡුාවක් පසුගිය 26 වනදාද පැවති අතර ජනාධිපතිවරයාද සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක්වුණා.

මෙම සාකච්ඡුාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතිරේක තොරතුරු කිහිපයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව විදුලිබිල සංශෝධනය, සුරාබදු පනත ඇතුළු තවත් මූල්‍යමය දත්ත කිහිපයක් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් වෙත ලබා දීමට කටයුතු කළ ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේ.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ සදහන් කළේ සාර්ථකව සිදුවන මූල්‍ය අරමුදල සමග සාකච්ඡුා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි.

මේ අතර අදාළ සාකච්ඡාවලදී යහපත් ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කොළඹ ඊයේ පැවති සම්මන්ත‍්‍රණයකදී ප‍්‍රකාශ කර තිබුණා.

මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්්ඩල මට්ටමේ එකඟතාවක් කඩිනමින් ඇති කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

ණය අපේක්ෂා කරන රටකට සුදුසු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අතර, රටේ ආර්ථිකයේ යම් ප‍්‍රගතියක් ලබාගෙන ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000