/
/
title icon අන්තරේ විරෝධතාවට එක්වූ 28 ක් අත්අඩංගුවේ.
අන්තරේ විරෝධතාවට එක්වූ 28 ක් අත්අඩංගුවේ.
Editor
1 year ago
Share:
අන්තරේ විරෝධතාවට එක්වූ 28 ක් අත්අඩංගුවේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් ඊයේ පැවැත්වූ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 28 දෙනා අද මාලිඟාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

මේ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිරීක්ෂණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ද ඊයේ රාත‍්‍රියේ පොලිස් ස්ථාන කිහිපයකට ගොස් තිබුණා.

මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

මර්දනය නවතනු යන තේමාව යටතේ ඔවුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ වූ අතර, ඊට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන කිහිපයක්ද එක්ව සිටියා.

විරෝධතාකරුවන් මරදාන ඞීන්ස් පාර අවහිර කරමින් ඉදිරියට පැමිණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවී විරෝධතාවයේ නිරතවුණා. ඉන් පසුවයි ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required