/
/
title icon පහලොස් කෝටියක රන් ඉනේ ගෙන ආ සැකකරු අල්ලයි.
පහලොස් කෝටියක රන් ඉනේ ගෙන ආ සැකකරු අල්ලයි.
Editor
1 year ago
Share:
පහලොස් කෝටියක රන් ඉනේ ගෙන ආ සැකකරු අල්ලයි.

රුපියල් පහළොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කිලෝග‍්‍රෑම් 06යි ග‍්‍රෑම් 995ක් බරැති රන් බිස්කට් 60ක් සිය ඉන ප‍්‍රදේශයේ සගවා ගෙන ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක සේවකයකු වන අදාළ සැකකරු රන් බිස්කට් 10 බැගින් වූ පාර්සල් 06ක් ලෙස සකසා මෙලෙස රට පිට කිරීමට උත්සහ කරනු ලැබුවා. ග‍්‍රෑම් 116.62ක් බැගින් බරකින් යුතු මෙම රන් බිස්කට් සියල්ල කැරට් 24 තනි පවුම් රත්රන් වන බවට තක්සේරු කර තිබෙනවා.

මේ අතර නීතිවිරෝධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සහ කළ අබලි ලෝහ අඩංගු බහලූම් 10 ක් ශ‍්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ පරික්ෂා කරනු ලැබුවා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සඳහන් කළේ මෙම බහලූම් ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් බවට අනාවරණ කරගෙන ඇති බවයි.

අදාල බහලූම් තුළ අබලි තඹ, ඇළුමිනියම් සහ යකඩ මෙටි‍්‍රක් ටොන් 140 ක් තිබී සොයාගෙන තිබෙනවා. අදාළ අබලි ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 60 කට වඩා අධික බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම ස්වභාවික කේ‍්‍රප් රබර් මෙටි‍්‍රක් ටොන් 140 ක්ද මෙම බහලූම් තුළ තිබී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required