/
/
title icon පාරිභ‌ෝගික අධිකාරියෙන් අලුත් ගැසට්ටුවක්.
පාරිභ‌ෝගික අධිකාරියෙන් අලුත් ගැසට්ටුවක්.
Editor
1 year ago
Share:
පාරිභ‌ෝගික අධිකාරියෙන් අලුත් ගැසට්ටුවක්.

භාණ්ඩ නිෂ්පාදනය ගබඩා කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් විධි විධාන ඇතුළත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මෙම කොන්දේසිවලට යටත්ව නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් කටයුතු කළ යුතු බවයි.

පාරිභෝගිකයකු හෝ යම් තැනැත්තකු විසින් ඉල්ලූම් කළ භාණ්ඩ නොපමාව සැපයීම සිදුකළ යුතු බව මෙම ගැසට් නිවේදනයේ සඳහන්.

භාණ්ඩ නිෂ්පාදනය කරන්නන් හට අමුද්‍රව්‍ය ගැටලූවක් හෝ වෙනත් සාධාරණ නිෂ්පාදනයේ ගැටලූවක් නොමැතිනම් නිෂ්පාදනයේ උපරිම ධාරිතාවක් පවත්වාගත යුතු වනවා.

එමෙන්ම පාරිභෝගිකයන් වෙත මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික කුවිතාන්සයක් ලබා දිය යුතු අතර එම කුවිතාන්සියේ පිටපතක් අලෙවි කරන්නා සතුව පවත්වාගත යුතු බව පාරිභෝගික අධිකාරිය නිකුත් කළ මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

http://www.documents.gov.lk/files/egz/2022/8/2295-05_S.pdf

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required