/
/
title icon කුඩු බට්ටි අත්අඩංගුවට.
කුඩු බට්ටි අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
කුඩු බට්ටි අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික‍්‍රමරත්න හෙවත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජින හෙවත් කුඩු බට්ටි සහ තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීන නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් පරිදි සිදුකළ වැටලීමකදී රාජගිරිය ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් මෙම කාන්තාවගේ වයස අවුරුදු 40ක් වන අතර පිරිමි පුද්ගලයා 24 හැවිරිදි වියේ පසුවනවා.

කුඩු බට්ටී ලග තිබී හෙරොයින් ග‍්‍රෑම් 52කට ආසන්න ප‍්‍රමාණයක් සහ ජංගම දුරකථන දෙකක්ද විශේෂ කාර්ය බලකා භාරයට ගනු ලැබුවා.

මේ අතර කුරුවිට, දෙල්ගමුව ප‍්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් නිලධාරීන්ට තියුණ ආයුධවලින් පහරදී ඊයේ පලාගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required