/
/
title icon IMF අවසන් ගිවිසුමට අත්සන් කිරීම අද.
IMF අවසන් ගිවිසුමට අත්සන් කිරීම අද.
Editor
1 year ago
Share:
IMF අවසන් ගිවිසුමට අත්සන් කිරීම අද.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ අවසන් ගිවිසුමට රජය අද අත්සන් තැබීමට නියමිතයි. ශ‍්‍රී ලංකාවට හදිසි ණයක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික එකඟත්වයකට පැමිණ ඇති අතර ඒ පිළිබඳව අද නිල දැනුම්දීමක් සිදු කරනු ඇති.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ශ‍්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකගතාවයකට පැමිණ ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ රජයේ නියෝජිතයන් අතර අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවත්වුණා. එම සාකච්ඡුා සාර්ථක බවයි පෙරේදා අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සඳහන් කළේ.

මෙරට රැඳී සිටි කාලසීමාව තුළ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සමඟ සාකච්ඡා පවත්වනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required