/
/
title icon බලපිටියේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට.
බලපිටියේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට.
Editor
1 year ago
Share:
බලපිටියේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට.

අම්බලන්ගොඩ – බලපිටිය රෝහල ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් 28 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මියගිය පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ රාති‍්‍රයේ මෙම වෙඩි තැබීම සිදුවූ අතර, තී‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීට පෙර අම්බලන්ගොඩ – දෙල්දූව ප‍්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීම හා මෙම වෙඩි තැබීම අතර සම්බන්ධයක් පවතින බවටයි පොලිසිය සැක පළ කරන්නේ. හෝටලය තුළ සිදුවූ වෙඩි තැබීමෙන්ද පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඉකුත් සති 05 ක කාලය ඇතුළත අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පමණක් වෙඩි තැබීම් 05 ක් සිදුව ඇති අතර, ඉන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required