/
/
title icon ජෙයරාජ් ඝාතනයට චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරී සහ කොටි සාමාජිකයා නිදොස් කොට නිදහස්.
ජෙයරාජ් ඝාතනයට චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරී සහ කොටි සාමාජිකයා නිදොස් කොට නිදහස්.
Editor
1 year ago
Share:
ජෙයරාජ් ඝාතනයට චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරී සහ කොටි සාමාජිකයා නිදොස් කොට නිදහස්.

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවු ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි ලක්ෂමන් කුරේ සහ හිටපු එල්.ටි.ටි.ඊ සමාජිකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් හෙවත් මොරිස් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද නියෝග කළා.

2008 වසරේ අපේ‍්‍රල් 06 වනදා වැලිවේරිය කාන්ති කී‍්‍රඩාංගනය අසල සිදුවු මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් හිටපු අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ සහ මැරතන් ශූර කේ.කරුණාරත්න ඇතුළු 13 දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 84 ක්.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා 31ක් යටතේ විත්තකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත්, සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවයි තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර නියෝග කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි ලක්ෂමන් කුරේ ඇතුළු අනෙක් සැකකරු වසර 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required