/
/
title icon අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි – පක්ෂව 120 යි – විපක්ෂව 5 යි.
අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි – පක්ෂව 120 යි – විපක්ෂව 5 යි.
Editor
1 year ago
Share:
අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි – පක්ෂව 120 යි – විපක්ෂව 5 යි.

2022 අතුරු අයවැය සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහි දෙවන වර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 115 කින් සම්මත වූ අතර, එහිදී අතුරු අයවැයට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණා. විපක්ෂව ඡන්ද 5 ක් පමණක් ලැබුණු අතර, ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 43 ක්.

සමගි ජනබලවේගය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම මෙන්ම, විමල් වීරවංශ ඇතුළු ස්වාධීන පක්ෂ නවයේ කණ්ඩායම, ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් මෙන්ම, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් ද ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.

ජාතික ජනබලවේගයේ මන්ත‍්‍රීවරුන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරණ දෙමළ ජාතික ජනතා පෙරමුණ අතුරු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required