English English සිංහල සිංහල தமிழ் தமிழ்

මෛත්‍රී, නිදහස් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනී – දිසා අධිකරණයේ පෙත්සමත් ඉවතට.

Facebook
Twitter
LinkedIn

ආණ්ඩුව පිහිටුවීමේ හොඳම වාසිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතු බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කළා.

මේ අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධය කිරීම සඳහා ද අද අනුමැතිය හිමිවුණා. ඒ පක්ෂයේ 71 වන සංවත්සරයට සමගාමීව පැවති සමස්ත ලංකා කාරක සභාවේදීයි.

නිදහස් පක්ෂ සංවත්සරය අද පස්වරුවේ පැවැත්වුණේ මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදීයි.

පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධනයට අදාළ යෝජනා සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් සමස්ත ලංකා කාරක සභාව ඇමතූ අතර, එහිදී අදාළ ඡන්ද විමසීම ඔහු විසින් සිදුකරනු ලැබුවා.

සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන්ට අත් ඔසවා ඊට පක්ෂ බව සඳහන් කරන ලෙස සභාපතිවරයා දැනුම් දුන් අවස්ථාවේ බහුතරයක් සාමාජිකයන් අත් ඔසවමින් ඊට අනුමැතිය ලබාදුන්නා.

එහෙත් දැනට අමාත්‍ය ධුර දරන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක හා ජගත් පුෂ්පකුමාර එලෙස කැමැත්ත පළ කරනු දක්නට ලැබුණේ නැහැ.

අනතුරුව, අකමැත්ත පළ කරන සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන්ට අත් ඔසවන ලෙස පක්ෂ සභාපතිවරයා දැනුම් දෙනු ලැබුවා. කිසිවෙකුත් එම අවස්ථාවේදී අත් ඔසවා අකමැත්ත පළ කිරීමට ද කටයුතු කළේ නැහැ.

ඒ අනුව පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන නිවේදනය කළේ පක්ෂ ව්‍යවස්ථාවේ සශෝධනයන්ට අදාල යෝජනා සමස්ත ලංකා කාරක සභාවේදී ඒකමතිකව අනුමත වූ බවයි.

පක්ෂ ව්‍යවස්ථාවට අදාළ සංශෝධන සමස්ත ලංකා කාරක සභාවේදී අනුමත කර ගැනීමෙන් අනතුරුවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සර සැමරුම ආරම්භ කරනු ලැබුවේ.

මේ අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ ඊට අදාළ යෝජනා සම්මත කරගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් ද කොළඹ දිසා අධිකරණය අද ප‍්‍රතික්ෂේප කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000