English English සිංහල සිංහල தமிழ் தமிழ்

කුණු මාළු මුදා හැරීමට රේගුවට අවසර නොදු බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

Facebook
Twitter
LinkedIn

කොළඹ වරායේ ගබඩා කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු මසුන් අඩංගු බහාලූම් තොගය මුදා හැර ඇත්තේ තම අවසරයකින් තොරව බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද ප‍්‍රකාශ කළා.

මෙලෙස මසුන් දියර පොහොර නිෂ්පාදනයට වුව ද මුදා හරිනු ලබන්නේ නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලබා ගත යුතු නමුත්, බලධාරින් එම අවසරය ද ගෙන නොමැති බවයි එම අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා ආහාර ආරක්ෂාව භාර වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන කියා සිටියේ.

මීට මාස ගණනාවකට පෙර නරක් වූ මසුන් අඩංගු බහාලූම් 98 කට අධික ප‍්‍රමාණයක් රැගෙන විදෙස් රටකට අයත් නෞකාවක් කොළඹ වරායට රැගෙනවිත් තිබුණේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.

එහිදී අදාළ බහාලූම්වල තිබූ මසුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් එම බහාලූම් වරායේ ගබඩා කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, පුත්තලම – මදුරංකුලිය ප‍්‍රදේශයේ සැමන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු අදාළ නැව් සමාගමෙන් මෙම බහාලූම් වල තිබූ මසුන් මිලට ගෙන තිබුණේ දියර පොහොර සැදීම ස`දහා යැයි පවසමින්.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ලේකම් ජයන්ත කුරේ පොලීසියට පැමිණිලි කර තිබුණේ පාරිභෝජනයට නුසුදුසු මෙම බලයා සහ කෙලවල්ලා මසුන් යළි සැමන් සහ කරවල සඳහා යොදා ගන්නා බවයි. මෙවැනි මසුන් පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවයිනේ ස්ථාන කිහිපයකින් සොයා ගනු ලැබුවේ ඒ අතරතුරයි.

ඒ අනුව, කිලෝ 30,000 ක් අඩංගු මසුන් පසුගියදා මීගමුව සහ සීදුව ප‍්‍රදේශයෙන් හමුවූ අතර, පෙරේදා කොච්චිකඬේ – තෝප්පුව පාලම අසලදී ද ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ පාරිභෝජනයට නුසුදුසු මසුන් කිලේග‍්‍රෑම් 5670 ක් පොලීසිය අත්අඩංගුවට ගත්තා.

එම මසුන් තොගය මදුරංකුලියට බහාලූම් රථවලින් රැගෙන යන මසුන් බවත් පසුව අදාල ස්ථානයේදී ඒවා කන්ටේනර් රථයකින් මෙම ලොරි රථයට පටවා නැවත රැගෙන එන බවත් අනාවරණ වුණා.

ඒ අතරතුරයි පොලිස් විශේෂ කාර්ය බලකාය පන්නල – ඔල්සන් පාර ප‍්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී තවත් පාරිභෝජනයට නුුසුදුසු මත්ස්‍ය කිලෝග‍්‍රෑම් 255 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඒ අනුව, දියර පොහොර සඳහා බව පවසමින් වරායෙන් මුදාහල නරක් වූ මෙම මසුන් නීතිවිරෝධී ලෙස වෙළඳපොලට පැමිණ ඇති බවට බරපතල සැකයක් මතුවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000