/
/
title icon බැසිල්ට රට යන්න අවසර.
බැසිල්ට රට යන්න අවසර.
Editor
1 year ago
Share:
බැසිල්ට රට යන්න අවසර.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන වසරේ ජනවාරි මස 15 වැනිදා තෙක් විදේශ ගතවීමට අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද අවසර ලබා දුන්නා.

ඒ, වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට සහ පෞද්ගලික හේතූන් මත ලබන සතියේ අමෙරිකාව බලා යෑමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

බැසිල් රාජපක්ෂ, වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන්නැයි රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති අතර, ඔහුට අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required