English English සිංහල සිංහල தமிழ் தமிழ்

බියර් මිල ඉහළට – වෛද්‍ය උපකරණවලත් මිලත් වැඩි වෙයි.

Facebook
Twitter
LinkedIn

ඊයේ දින සිට ක‍්‍රියාත්මක වන පරිදි වෛද්‍ය උපකරණ වර්ග 43 ක මිල ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය මගින් අදාළ වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් ද නියම කරනු ලැබුවා.

ඒ අනුව හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ට්, අක්ෂි කාච, පල්ස් ඔක්සිමීටර, රුධිර ග්ලූකෝස් මාපක සහ ඒ සඳහා භාවිත කරන තීරු ඇතුළු රෝග විනිශ්චය සහ සැත්කම් සඳහා භාවිත කරන වෛද්‍ය උපකරණ රැසක මිල නව ගැසට් පත‍්‍රය මගින් ඉහළ නංවා තිබෙනවා.

සියයට 40 ක පමණ ප‍්‍රතිශතයකින් මෙම වෛද්‍ය උපකරණ 43 හි මිල ඉහළ නංවා ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළද ඇතැම් වෛද්‍ය උපකරණ සියයට සියයකින් පමණ නව ගැසට් පත‍්‍රයට අනුව මිල ඉහළ යන බවයි ඔසුසැල් හිමියන් පවසන්නේ. පල්ස් ඔක්සිමීටරයක් වෙළඳපොල තුළ රුපියල් 3,000 කට අඩු මිලකට අලෙවි වුවද එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 5,418 ක් ලෙසයි.

මේ වනවිට රුපියල් 2,700 කට අලෙවි වන රුධිර ග්ලූකෝස් මාපකයක් රුපියල් 6,200 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. රුපියල් 80 කට අලෙවි වූ රුධිර ග්ලූකෝස් මාපක සඳහා භාවිත කරන තීරුවක නව මිල වන්නේ රුපියල් 112 යි ශත 24 ක්.

ලෝහමය ස්ටෙන්ට් රුපියල් 54,036 ක් දක්වා වැඩිකර ඇති අතර, ඖෂධ මුදාහැරීම සඳහා භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල රුපියල් දෙලක්ෂ 36,224 යි ශත 80 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

අප කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යාම සළකා මෙම මිල වැඩි කිරීම ලබාදුන් බවයි.

මේ අතර සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ නැංවීමත් සමඟ බීර බෝතලයක මිල රුපියල් 30 කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. එසේම ඇතැම් මත්පැන් වර්ගවල මිලද මේ වනවිට ඉහළ ගොස් ඇත්තේ වැට් බදු සංශෝධනයත් සමඟයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000