 
                            ලබන සඳුදා මධ්‍යම රාත‍්‍රියේ සිට ගෑස් මිල යළි පහත දැමීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල සැළකිල්ලට ගෙන මිල සූත‍්‍රයට අනුව මෙලෙස මිල පහත දැමීමට කටයුතු කරන බවයි.
පසුගිය අගෝස්තු මස 9 වනදා ද කිලෝග‍්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහත දැමීමට ලිට්රෝ සමාගම පියවර ගත් අතර ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 4,664කටයි.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                