/
/
title icon ප්‍රදේශ රැසකට අද ජලය කැපේ.
ප්‍රදේශ රැසකට අද ජලය කැපේ.
Editor
1 year ago
Share:
ප්‍රදේශ රැසකට අද ජලය කැපේ.

අද පෙරවරු අටේ සිට හෙට අළුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප‍්‍රදේශ මෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප‍්‍රදේශවලටද එම කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවනු ඇති.

එසේම කොටිකාවත්ත – මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද ප‍්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමටයි පියවර ගැනෙන්නේ. අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required