/
/
title icon හෝර්ටන් තැන්නේ ගෝනුන් පසුපස එළවන දඩයම් බල්ලන් අල්ලන්න මෙහෙයුමක්.
හෝර්ටන් තැන්නේ ගෝනුන් පසුපස එළවන දඩයම් බල්ලන් අල්ලන්න මෙහෙයුමක්.
Editor
1 year ago
Share:
හෝර්ටන් තැන්නේ ගෝනුන් පසුපස එළවන දඩයම් බල්ලන් අල්ලන්න මෙහෙයුමක්.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය අවට සැරිසරන ගෝනුන්ගේ මරණයට හේතුවන දඩයම් බල්ලන් අල්ලා ගැනීම සඳහා කඩිනම් කරමින් මෙහෙයුමක් කි‍්‍රයාත්මක බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මේ වනවිට සිදු කළ මෙහෙයුම්වලදී කිසිදු දඩයම් බල්ලෙකු හමු නොවූ බවයි.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය අවට සැරිසරන ගෝනුන්ගේ මරණයට හේතුව දඩයක්කරුවකු විසින් ඇතිකළ දඩයම් බල්ලන් බවට පසුගිය දා අනාවරණය වුණා.

නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකම් නන්දන ගලබොඩ සදහන් කළේ දඩයක්කරු මිය යෑමෙන් පසු එම දඩයම් බල්ලන් කැලෑ වැදී ඇති බවයි.

ඔවුන් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ සැරිසරන ගෝනුන් ඇතුළු සතුන් අඹේවෙල ජලාශයට ජලය සොයා පැමිණීමේදී හඹාගොස් සපා කන තත්ත්වයක් උද්ගතව ඇති අතර එහිදී ගෝනුන් ජලාශයේ ගිලී මරණයට පත්ව ඇති බවටයි හෙළි වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required