English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගෝඨා දිවයිනට – සේයා රූ සියල්ල.

Facebook
Twitter
LinkedIn

උද්ගත වූ ජනතා විරෝධතා හමුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තායිලන්තයේ රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ ඊයේ රාත‍්‍රියේ දිවයිනට පැමිණියා.

ඒ,සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 468 දරණ යානයෙන්.

හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ද පැමිණ තිබුණා.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබූ අතර, එහි ආරක්ෂාවද දැඩි කිරීමටයි පියවර ගෙන ඇති ආකාරය දැකගත හැකිවුණා.

මාසයකුත් දින 20ක කාලයක් හිටපු ජනාධිපතිවරයා රැඳී සිටියේ මාලදිවයින, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රජය විසින් ලබාදෙන කොළඹ පිහිටි නිවසක ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී රැඳී සිටිනු ඇති බවයි AFP පුවත් සේවය ඊයේ වාර්තා කර තිබුණේ.

පොලිස්, හමුදා සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින්ගෙන් සමන්විත ආරක්ෂක ඒකකයක්ද හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන බවද AFP පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට පැවති අරගලකාරී වාතාවරණය හේතුවෙන් පසුගිය ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටි අතර ඔහු තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණියේ පසුගිය අගෝස්තු 11 වැනිදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000