English English සිංහල සිංහල தமிழ் தமிழ்

චීන කාබනික පොහොර සමාගම අසාදු ලේඛනගත කරන්න – විගණකාධිපතිගෙන් නිර්දේශ.

Facebook
Twitter
LinkedIn

චීනයේ කින්ඩා ඕ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙස විගණකාධිපතිවරයා රජයට නිර්දේශ කර තිබෙනවා. ඒ, කාබනික පොහොර ගණුදෙනුවට අදාළව ඇතිකරගත් සමතය ප‍්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන්.

කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 96,000 ක ප‍්‍රසම්පාදනය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව මගින් මේ බව දක්වා ඇති අතර, එහි දැක්වෙන්නේ අදාළ චීන සමාගමේ පොහොර සාම්පල ජීවානුහරණය කර නොමැති බව සහ අහිතකර බැක්ටීරියා අඩංගු බව, ජාතික ශාක නිරෝධායන සේවය නිරීක්ෂණය කර තිබූ බවයි.

එවැනි තත්ත්වයක් මත ආනයනය සඳහා අවශ්‍ය නිරෝධායන සහතික ලබා ගැනීමේ ගැටළු මතුවීම හේතුවෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්කළ විශේෂ කාර්ය කමිටුවක් ලබාදුන් නිර්දේශ මත අදාළ පොහොර තොගය සඳහා ණයවර ලිපි විවෘත කර තිබෙනවා. ඒ අනුව සැපයුම්කාර චීනයේ කින්ඩා ඕ සීවින් බයෝටෙක් සමාගම 2021 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කොළඹ වරාය වෙත පොහොර මෙටි‍්‍රක් ටොන් 20,550 ක් එවූ අතර, ඒවා ශාක නිරෝධායන පනත අනුව ජීවානුහරණය කර නොතිබීම හේතුවෙන් මෙරට ගොඩබෑමට නොහැකිව මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණා.

පසුව ගෙවීම් ප‍්‍රතික්ෂේප කරමින් එම පොහොර ආනයනය කළ රාජ්‍ය සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු ගොනුකරමින් ගෙවීම් අත්හිටුවීමේ නියෝගයක් ලබා ගත්තා.

මතභේදාත්මක තත්ත්වය වර්ධනය වීමත් සමඟ නීතිපති උපදෙස් මත සමතයක් මගින් විසඳා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණය අනුව නැවේ අඩංගු වූ පොහොර තොගයෙන් 75% ක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.9 කට සමාන වූ රුපියල් මිලියන 1,382 ක මුදල ගෙවීමට අනුමැතිය ලබාදුන්නා.

ඒ අනුව අදාළ නඩු ඉල්ලා අස් කර ගැනුණේ සමත කොන්දේසි අනුව අපේක්ෂිත සංයුතියෙන් හා ප‍්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දේසි ඇතුළත් කරමින්. එහෙත් මේ දක්වා අපේක්ෂිත ප‍්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් මෙරටට එවා නැහැ.

සමත කොන්දේසි ප‍්‍රකාරව ණයවර ලිපියේ හා කාර්ය සාධන බැඳුම්කරයේ කාලය දීර්ඝ කර එය වලංගුව තබාගත යුතු වූවත්, ඒවා මේ වසරේ මාර්තු 12 සහ මාර්තු 24 වැනිදා කල් ඉකුත්ව තිබෙනවා. ඒ හේතුවෙන් නැවතත් අදාළ සමාගම විසින් ප‍්‍රමිතිගත පොහොර ලබා නොදීම තුළ ඒ සඳහා ගෙවූ මුදල් අයකර ගැනීමේ හැකියාව අහිමිව ගොස් ඇති බවයි විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ. මේ හේතුවෙන් පොහොර සඳහා ගෙවන ලද මුළු මුදලම රජයට සිදුවූ පාඩුවක් බවට පත්ව ඇති බව එමඟින් දක්වා තිබෙනවා.

ඒ අනුව අදාළ සුරක්ෂණයන් කල් ඉකුත්වීමට පෙර මුදල් කර ගැනීම හෝ ඒවායේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් නොකිරීම හේතුවෙන් රජයට සිදුවූ පාඩුව, මෙම ගණුදෙනුවට සම්බන්ධ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගැනීමට විගණකාධිපතිවරයාගේ නිර්දේශ අතරට අයත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000