 
                            ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ගොඩනගන නව සභාගය එළිදැක්වීම මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී අද පස්වරුවේදී සිදුකිරීමට නියමිතයි.
මෙහිදී එහි නාමය ප‍්‍රකාශයට පත් කිරීම, සභාගයට එක්වන පක්ෂවල නායකයන්, එහි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ජනතාව ඉදිරියේ අත්සන් තැබීම හා නව නිලධාරි මණ්ඩලය ප‍්‍රකාශයට පත් කිරීම සිදුකෙරෙනු ඇති.
මෙම නව සභාගයට ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, යුතුකම ජාතික සංවිධානය සහ විජය ධරණී ජාතික සභාව ඇතුළු පක්ෂ එක්ව සිටිනවා.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                