/
/
title icon වෛද්‍යවරුන් රට එපා වෙයි – විදේශ ගතවීම ඉහළට.
වෛද්‍යවරුන් රට එපා වෙයි – විදේශ ගතවීම ඉහළට.
Editor
1 year ago
Share:
වෛද්‍යවරුන් රට එපා වෙයි – විදේශ ගතවීම ඉහළට.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් රට හැරදා විදේශගතවීම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ‍

එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ජයසූරිය කියා සිටියේ මේ වසර අවසානයේදී එම සංඛ්‍යාව දහසක් පමණ වනු ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වෛද්‍යවරුන් විදේශගත වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක්ද සිදුකළ බවයි.

ඒ අනුව විදේශ විනිමය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා වෛද්‍යවරුන්ටද විදේශගතවීම සඳහා අවස්ථාව සලසමින් චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීම පිළිබඳව එහිදී අවධානය යොමුවූ බව වෛද්‍ය රුවන් ජයසූරිය ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required