/
/
title icon “ආටිමිස්” සඳ ගමන යළි පමා වෙයි.
“ආටිමිස්” සඳ ගමන යළි පමා වෙයි.
Editor
1 year ago
Share:
“ආටිමිස්” සඳ ගමන යළි පමා වෙයි.

සඳ වෙත යැවීමට සූදානම් වූ ආටිමිස් – 01 රොකට්ටුවේ දෙවන මෙහෙයුමද කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය ප‍්‍රකාශ කර තිබෙනවා. ඊට හේතුව ඉන්ධන කාන්දුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙහි පළමු මෙහෙයුම පසුගිය 29 වනදා අසාර්ථක වූයේ රොකට්ටුවේ එන්ජින් හතරෙන් එකක් නියමිත ක‍්‍රියාකාරී උෂ්ණත්වයට සිසිල්නොවීම හේතුවෙන්.

ඇමෙරිකාවේ නාසා ආයතනය මෙලෙස සඳ මතට රොකට්ටුවක් යැවීමට යළි සූදානම් වූයේ දශක 5 කට පසුවයි.

එය අඟහරු ග‍්‍රහයා මතට රොකට්ටුවක් යැවීමේ පෙර සූදානමක් ලෙසද නාසා ආයතනය විසින් හඳුන්වා තිබුණා. කක්ෂ ගත කර දින 42 කට පසු එය යළි පෘථිවියට ළගාවීමටයි සැළසුම් කර තිබුණේ.

1969 වසරේදි ඇපලෝ 11 යානය පළමු වරට සඳ මතට සාර්ථකව ගොඩබස්වනු ලැබුවේද ඇමෙරිකාව විසින්.

නීල් ආම්ට්‍රෝං, එහිදී සඳ මත පා තැබූ පළමු මිනිසා ලෙස ඉතිහාසයට එක්වූ අතර මෙවර සඳ මතට ගොඩබැස්සවීමට ඇමෙරිකාව සූදානම් වූයේ මිනිසුන් රහිත රොකට්ටුවක් වීම විශේෂත්වයක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required