/
/
title icon ශ්‍රී ලංකාව – ඇෆ්ගනිස්ථානයෙන් වාඩුව ගනී.
ශ්‍රී ලංකාව – ඇෆ්ගනිස්ථානයෙන් වාඩුව ගනී.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාව – ඇෆ්ගනිස්ථානයෙන් වාඩුව ගනී.

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ තරග වටයේ පැවති පළමු තරඟය ඇෆ්ගනිස්ථානය පරාජයට පත්කරමින් ජයග්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකාව ඊයේ සමත්වුණා.

සාජා ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 176 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී තිබියදී පසු කර ගියා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක සමත් වුණා. මෙන්ඩිස් ලකුණු 36 කට දැවී ගිය අතර, නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 35 ක්.

යළිත් අසාර්ථක වූ චරිත් අසලංක ලකුණු 8 කට දැවී ගිය අතර, දසුන් ශානක මෙම තරගයේ දී ලබා ගත්තේ ලකුණු 10 ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 33 ක් සහ භානුක රාජපක්ෂ පන්දු 14 කින් රැස්කරගත් වේගවත් ලකුණු 31 ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. වනිදු හසරංග නොදැවී ලකුණු 16 යි.

පන්දු යැවීමේ දී මුජිබ් උර් රහ්මාන් හා නවීන් උල් හක් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබා ගනිමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 45 කින් ලකුණු 84 ක් රැස් කිරීමට සමත් වුණා. හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 40 යි. නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 17 කටත්, හස්රටුල්ලාහ් සසායි ලකුණු 13 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී දිල්ෂාන් මධුෂංක ලකුණු 37 කට කඩුලු 2 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required