/
/
title icon කොත්තුවක් රුපියල් 100 කින් ඉහළට.
කොත්තුවක් රුපියල් 100 කින් ඉහළට.
Editor
1 year ago
Share:
කොත්තුවක් රුපියල් 100 කින් ඉහළට.

තිරිඟු පිටි මිල ඉහල දැමීමත් සමඟ ආපනශාලාවල අනෙකුත් ආහාර මිල ගණන්ද මේ වනවිට ඉහළ දමා තිබෙනවා.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ ආපනශාලා හිමියන් විසින්ම සිය නිෂ්පාදනවල මිල ඉහල දමා ඇති බවයි.

ඒ අනුව කොත්තුවක් රුපියල් 100 කින් ද, පරාටා, බිත්තර රොටි, එළවළු රොටි සහ රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 20ත් අතර මිලකින්ද ඉහල දමා තිබෙනවා.

මේ වනවිට වෙළඳපොලේ තිරිඟු පිටි හිඟයක් මතුව ඇති අතර, කිලෝග්‍රෑම් පනහේ තිරිඟු පිටි මිටියක් රුපියල් 20,000 ත්, 22,000 ත් අතර මිලකටයි අලෙවි වන්නේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක සිල්ලර මිල මේ වනවිට පවතින්නේ රුපියල් 400 ඉක්ම වූ මිලකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required