/
/
title icon තෙල් නොමැතිව පිරවුම්හල් 300ත්, 500 ත් අතර ගණනක් වැසී ගිහිං.
තෙල් නොමැතිව පිරවුම්හල් 300ත්, 500 ත් අතර ගණනක් වැසී ගිහිං.
Editor
1 year ago
Share:
තෙල් නොමැතිව පිරවුම්හල් 300ත්, 500 ත් අතර ගණනක් වැසී ගිහිං.

ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හමුවේ මේ වනවිට පිරවුම්හල් 300 ත් 500 ත් අතර සංඛ්‍යාවක් තාවකාලිකව වැසී ගොස් ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

බස්නාහිර පළාත තුළ පිරවුම්හල් 340 ක් පවතින අතර, ඉන් ඞීසල් බෙදාහරිනු ලබන්නේ 200 කටත් අඩු සංඛ්‍යාවකට වනවා. පෙට‍්‍රල් බෙදාහරිනු ලබන්නේ පිරවුම්හල් 220 කට පමණක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, කිව් ආර් ක‍්‍රමවේදය හඳුන්වාදීමෙන් පසුව සංස්ථාව විසින් දෛනිකව නිකුත් කළ පෙට‍්‍රල් සහ ඞීසල් ප‍්‍රමාණයේ අඩු කිරීමක් සිදුකර නොමැති බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

අත්පිට මුදලට පමණක් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමට සංස්ථාව ගෙන ඇති තීරණය නිසා ඉන්ධන බෙදාහැරීමේ ප‍්‍රමාදයන් පවතින බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required