English English සිංහල සිංහල தமிழ் தமிழ்

විමල්ගේ නායකත්වයෙන් උත්තර ලංකා සභාගය කරළියට.

Facebook
Twitter
LinkedIn

පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ සහ සංවිධාන කිහිපයක සහභාගිත්වයෙන් වු නව සන්ධානය “උත්තර ලංකා සභාගය” ලෙසින් අද ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා.

මහරගම තරුණ සේවා සභා පරිශ‍්‍රයේදි එලි දැක්වුණු එම සභාගයේ සභාපතිවරයා ලෙස තෝරා ගැණුනේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශයි. එහි ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය ජි.විරසිංහ පත් කර ගැණුනා.

උත්තර ලංකා සභාගයේ අනුශාසක ධූරයට පත් කරගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්.

ජාතික සංවිධායකවරවයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පත් කර තිබුණා.

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ මහාචාර්ය තිස්ස විතාරණ උත්තර සභාගයේ නියෝජ්‍ය සභාපති ධූරයන් ලෙස කටයුතු කරනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිදු කුමාරතුංග පත් කර තිබුණේ එහි නියෝජ්‍ය ලේකම් ලෙසයි.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙල උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය යන පක්ෂ මෙන්ම යුතුකම සහ විජය ධරණි ජාතික සභාව යන සංවිධානවල සභාගිත්වයෙන් උත්තර ලංකා සභාගය නම් නව සන්ධානය එළිදක්වා තිබෙනවා. එහි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ද එහිදි අත්සන් තැබුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ පසුගියදා ස්වාධින වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද එක්ව සිටියේ කර තිබු ආරධනයකට අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000