English English සිංහල සිංහල தமிழ் தமிழ்

පළාත් රැසකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි.

Facebook
Twitter
LinkedIn

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

නිරිතදිග මෝසම සක‍්‍රියවීමත් සමඟ දින දෙකක පමණ සිට දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි ඇද හැලෙමින් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි දින දෙක තුළද මෙම කාලගුණික තත්වය පැවතිය හැකි බවයි.

අද උදෑසන 8.30 න් අවසන් වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය හංවැල්ලෙන් වාර්තාවන අතර, එය, දැක්වෙන්නේ මිලිමීටර 150.5 ක් ලෙසයි. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වහරක ප‍්‍රදේශයට මිලිමීටර 133 ක සහ අවිස්සාවේල්ල ප‍්‍රදේශයට මිලිමීටර 114 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

මේ අතර නිරිතදිග මෝසම් තත්වය සක‍්‍රියවීම හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් ඉදිරි පැය විසි හතර තුළ නාවික සහ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අධික වැසි සහිත කාලගුණික තත්වය ඉදිරි පැය විසි හතර තුළද පැවතියහොත් කඳුකර ප‍්‍රදේශ ආශ‍්‍රිතව ජීවත්වන ජනතාව නායයෑම් සහ පස් කඳු කඩාවැටීම් පිළිබඳව විමසිලිමත්ව පසුවිය යුතු බවයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ. කදුකර ප‍්‍රදේශ සහිත මාර්ගවල රිය පැදවීමේදී විමසිලිවත්ව කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ තද වැසි ඇද හැළුණද ගංගා හා ජලාශ වල පෝෂක ප‍්‍රදේශවලට මේ දක්වා එමගින් ප‍්‍රබල බලපෑමක් සිදුව නොමැති බවයි. කෙසේ වෙතත් ඉදිරි පැය විසි හතර තුළ වැසි වැඩිවුවහොත් ඇතැම් ගංඟා සහ ජලාශ පිටාර මට්ටමට පැමිණිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් කුඩා ගඟ සහ දූනමලේ ප‍්‍රදේශයෙන් අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

මේ අතර කොළඹ, ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත‍්‍රික්කවල ඇතැම් අතුරු මාර්ග ඊයේ රාත‍්‍රියේ ජලයෙන් යටව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000