English English සිංහල සිංහල தமிழ் தமிழ்

පිටි මාෆියාවට හේතුව අනාවරණ වෙයි.

Facebook
Twitter
LinkedIn

වෙළඳපොලේ පාන්පිටි මාෆියාවට හේතුවී ඇත්තේ ඩොලර් අර්බුදයත් සමඟ පෞද්ගලිකව තිරිඟු පිටි ආනයනයට අවස්ථාව සැළසීම බව හෙළිවී තිබෙනවා. වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළඳපොලේ පවතින තිරිඟු පිටි මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීම්වලදී මේ පිළිබඳව අනාවරණ වී ඇති බවයි.

තිරිඟු පිටි කිලෝවක් මේ වනවිට වෙළඳපොලේ රුපියල් 300 ත් 500 ත් අතර මිලකට අලෙවි වන අතර, බේකරි නිෂ්පාදන මිල ගණන්ද මෙම තත්වය හමුවේ ඉහළ දමා තිබෙනවා.

ඉන්දියාව තිරිඟු පිටි අපනයනය අත්හිටුවීමට ගෙන ඇති තීරණයත්, යුක්රේන යුද්ධයේ බලපෑමෙන් එරටින් ආනයනය කළ තිරිඟු පිටි නොලැබීමත් හේතු කොටගෙන මේ වනවිට මෙරට ප‍්‍රධාන තිරිඟු පිටි සමාගම් සතු පිටි තොග අවසන් වෙමින් පවතින බවයි එම සමාගම් සඳහන් කළේ.

එම තත්වය හමුවේ ඔවුන් තිරිඟු පිටි කිසියම් සීමාවකට යටත්ව වෙළඳපොලට නිකුත් කරමින් පවතිනවා. ඒ අනුව මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් තමන් ගෙන්වූ තිරිඟු පිටි වෙළඳපොලට ඉහළ මිල ගණන් යටතේ නිකුත් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ සොයාබැලීම්වලදී නිරීක්ෂණය වී තිබෙනවා.

මේ හේතුවෙන් වෙළඳපොලේ පාන් පිටි මාෆියාවක් නිර්මාණය වී ඇති අතර, එය, නතර කිරීමට රජය වහා මැදිහත් විය යුතු බවයි කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ.

මේ අතර බේකරි හිමියන් සහ වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු අතර මේ වනවිට එම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000