English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඉන්ධන කෝටාව ඉහළ නංවන්නැයි ඉල්ලා ත්‍රීරෝද රථ හිමියන් බලශක්ති අමාත්‍යාංශයට.

Facebook
Twitter
LinkedIn

ත‍්‍රිරෝද රථ සඳහා දැනට ලබාදෙන කෝටාව ඉහළ නංවන ලෙස ඉල්ලමින් ත‍්‍රිරෝද රථ හිමියන් පිරිසක් මල් පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට වාඩිවී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

වෘත්තිය ත‍්‍රිරෝද රථ සංගම් නායකත්වයේ සත්‍ය වූ හඬ නම් සංවිධානයක් විසින් මෙම විරෝධතාව පවත්වන බවයි වාර්තා වන්නේ.

ත‍්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර පහක ඉන්ධන කෝටාවක් ලබාදෙන අතර, එය ඉහළ නංවන ලෙස වෘත්තිය ත‍්‍රිරෝද රථ රියදුරන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, තම ඉල්ලීම ඉටුකිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බැවින් එය ඉටුවන තෙක් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවන බවයි වෘත්තිය ත‍්‍රිරෝද රථ සංගම් නායකත්වයේ සත්‍ය වූ හඬ නම් සංවිධානය සඳහන් කළා.

මේ අතර දිවයින පුරා තවමත් පිරවුම්හල් අසළ ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම් පවතින අතර, ඇතැම් පිරවුම්හල් වසා දමා ඇත්තේ ඉන්ධන නොමැති බව පවසමින්.

කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පිරවුම්හල් 300 ත් 400 ත් අතර ප‍්‍රමාණයක් වසා දැමීමට හේතුවී ඇත්තේ ඒවා පවත්වාගෙන යාමේ නොහැකියාව මත නොව, පිරවුම්හල් වෙත ඉන්ධන නොලැබීම නිසා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000