/
/
title icon විදුලි සහ දුරකතන ගාස්තු ඉහළ යෑමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා – ගුරු සංගම්.
විදුලි සහ දුරකතන ගාස්තු ඉහළ යෑමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා – ගුරු සංගම්.
Editor
1 year ago
Share:
විදුලි සහ දුරකතන ගාස්තු ඉහළ යෑමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා – ගුරු සංගම්.

විදුලිබිල සහ දුරකතන සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ අතර බදු ඉහළ දැමීමත් සමඟ දුරකතන සේවා ගාස්තු සියයට 23 කින් හෝ සියයට 24කින් ඉහළ යා හැකි බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් හෙළසිරි රණතුංග සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ හරහා අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම දෙමාපියන්ට ද බලපෑම් එල්ල වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required