/
/
title icon එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි.
එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි.
Editor
1 year ago
Share:
එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි.

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදට යෙදි තිබෙනවා. එහි සැමරුම් උත්සවය පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන්.

1946 අද වැනි දිනක මහාමාන්‍ය ඞී.එස්. සේනානායකගේ නායකත්වයෙන් බිහිකළ එක්සත් ජාතික පක්ෂය, 1947 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලැබුවේ එවකට පැවති වාමාංෂික පක්ෂ වෙනුවට විකල්ප දේශාපලන පක්ෂයක වුමනාව සපුරාලමින්.

එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් අතර  එහිදී මෙරට පළමු අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහාමාන්‍ය ඞී.එස්. සේනානායක පත් වුණා.

අනතුරුව නායකයින් රැසකගේ සෙවන ලැබූ එක්සත් ජාතික පක්ෂයෙන් මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා පසුගිය දා තේරී පත්වුණේ පාර්ලිමේන්තුවේ පැවති ඡුන්ද විමසීමෙන්. ඒ අනුව අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එම ධූරයට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු සංවත්සරයයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required