/
/
title icon ළමා සහ මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය ගැන අද මැතිසබයේ විවාදයක්.
ළමා සහ මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය ගැන අද මැතිසබයේ විවාදයක්.
Editor
1 year ago
Share:
ළමා සහ මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය ගැන අද මැතිසබයේ විවාදයක්.

මෙරට දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව කල් තැබීමේ විවාදයක් අද පැවැත්වෙනවා. ඒ, විපක්ෂය විසින් කරන ලද යෝජනාවකට අනුවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් අද උදෑසන 9යි 30ට පාර්ලිමේන්තුව රැස්වන අතර උදෑසන 10යි 30 දක්වා මන්තී‍්‍රවරුන්ගේ  වාචික පිළිතුරු අපේක්ෂා යොමුකර ඇති ප‍්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා. නව සභාවාරයේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කරන ප‍්‍රශ්න ඇසීමේ පළමු අවස්ථාව මෙය වනු ඇතිි.

මේ අතර ගලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන – අපනයන, පාලන පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත‍්‍රය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ රෙගුලාසි සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමි වූණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required