/
/
title icon වැස්ස අද අඩුවෙයි – පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කෙරේ.
වැස්ස අද අඩුවෙයි – පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කෙරේ.
Editor
1 year ago
Share:
වැස්ස අද අඩුවෙයි – පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කෙරේ.

පැවති තද වැසි තත්ත්වයේ අඩු වීමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැළණි ගෙඟ් සහ මහ ඔයේ පහත් බිම් ප‍්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

එමෙන්ම වැසිත් සමඟ දැදුරු ඔය ජලාශයේ සහ මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු ඊයේ රාත්‍රියේ විවෘත කෙරුණා.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 5ක් විවෘත කර තිබෙනවා. එමගින් තත්ත්පරයට ඝණ අඩි 17,500 ක් ජලය මුදා හැරෙන බැවින් ජලාශයේ පහළ කොටස භාවිත කරන ජනතාව ඒ පිළිබ`දව අවධානයෙන් සිටින ලෙසටයි කාර්යභාර ඉංජිනේරුවරයා ඉල්ලීමක් කරන්නේ.

එමෙන්ම, ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල ද වාන්දොරටු අද අලූයම විවෘත කර තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් සඳහන් කළේ ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු 3 ක් සහ කැනියොන් ජලාශයේ වාන්දොරටුවක් අගල් 3 බැගින් විවෘත කර ඇති බවයි.

මේ අතර, කොළඹ – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ පේරාදෙණිය නගරය ආසන්නයෙන් මාර්ගයේ එක් මංතීරුවකට ඇද වැටී තිබූ පස් කන්ද මේ වනවිට ඉවත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇති බවයි.

කොළඹ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර, මහනුවර සහ මාතලේ දිස්ති‍්‍රක්ක සඳහා පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required