English English සිංහල සිංහල தமிழ் தமிழ்

ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් වාර්තාව එළි දකී – ජාතික සංවාදයක අවශ්‍යතාවත් පහදයි.

Facebook
Twitter
LinkedIn

අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

ශ්‍රී ලංකාවේ නව රජය මානව හිමිකම් සහ ප‍්‍රතිසන්ධානය ඉදිරියට ගෙනයාම සඳහා ජාතික සංවාදයකට අවතීර්ණ විය යුතු බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් සන්ධිස්ථානයක සිටින බව එම වාර්තාවෙන් පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් සියලූම ජන කොටස්වල සහ සෑම තරාතිරමකම මිනිසුන්ගේ මානව හිමිකම්වලට දැඩි ලෙස බලපෑමක් එල්ල කර ඇති බවද එහි සඳහන්.

දරුණු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමි විරෝධතා මර්ධනය කිරීම වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය එම වාර්තාව මගින් රජයෙන් ඉල්ලා තිබෙනවා.

මිලිටරිකරණය දෙසට ගමන් කිරීම ආපසු හරවමින් ආරක්ෂක අංශයේ ප‍්‍රතිසංස්කරණය කරමින් සහ දණ්ඩමුක්තිය අවසන් කිරිමට කටයුතු කරමින් නව කැපවීමක් පෙන්නුම් කරන ලෙසයි එම වාර්තාව මගින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දෙන්නේ.

ත‍්‍රස්තවාදය වැළැත්වීමේ පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් මහජන විරෝධතා මර්දනය කිරීමට රජය දැඩි පිළිවෙතක් අනුගමය කර තිබෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000