/
/
title icon මගුලකට බලෙන් ඇතුළු වී ආහාර ලබා ගැනීමට ගිය වැලිගම තරුණයින්ට වැඩ වරදී.
මගුලකට බලෙන් ඇතුළු වී ආහාර ලබා ගැනීමට ගිය වැලිගම තරුණයින්ට වැඩ වරදී.
Editor
1 year ago
Share:
මගුලකට බලෙන් ඇතුළු වී ආහාර ලබා ගැනීමට ගිය වැලිගම තරුණයින්ට වැඩ වරදී.

වැලිගම නගර ශාලාවේ පැවැති විවාහ උත්සවයකට බලහත්කාරයෙන් ඇතුළු වී ආහාර ලබා ගැනීමට උත්සහ කිරීමේදී පොලිස් භාරයට ගත් තරුණයින් සිවි දෙනා අවවාද කිරිමෙන් පසු මුදා හැර තිබෙනවා.

වැලිගම නගර ශාලාවේ පැවැති විවාහ උත්සවයක් අතරතුර තරුණයින් සිවි දෙනෙකු ඊට බලහත්කාරයෙන් ඇතුළු වී ආහාර ලබා ගැනිමට උත්සහා කරනු ලැබුවේ පසුගිය ඉරිදායි.

එහිදි විවාහ මංගලය සංවිධානය කළ පිරිස ඒ පිළිබඳව නගරාධිපතිනි ජි.ජි.එච්. යමුනා කාන්ති දැනුවත් කරනු ලැබුවා.

ඊට පසු පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් මත අදාළ තරුණයින් පිරිස, වැලිගම පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

එහිදි තරුණයින් සිව්දෙනාගේ දෙමව්පියන්ද පොලිසියට කැඳවා සිද්ධිය පිලිබඳව පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසු අවුරුදු 16,17, සහ 18 වයස්වල පසුවන මෙම තරුණයින් සිව් දෙනා අවවාද කිරිමෙන් පසු මුදා හැරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

මෙම තරුණයින් දින කිහිපයක සිට වැලිගම නගර ශාලාවේ පවත්වන විවාහ උත්සවවලට බලහත්කාරයෙන් ඇතුළු වී ආහාර ලබා ගන්නා බවට තොරතුරු ලැබි ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required