/
/
title icon තිරිඟු පිටි අර්බුදය 15 වැනිදායින් පසු අවසන්.
තිරිඟු පිටි අර්බුදය 15 වැනිදායින් පසු අවසන්.
Editor
1 year ago
Share:
තිරිඟු පිටි අර්බුදය 15 වැනිදායින් පසු අවසන්.

ලබන 15 වනදායින් පසුව පවතින තිරිඟු පිටි හිඟය අවසන් වනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරියේදී තුර්කියේ සිට තිරිඟු පිටි ආනයනය කරන බවයි.

කෙසේ වෙතත්, තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 450 දක්වා ඉහළ ගියහොත් ග‍්‍රෑම් 450 හේ පාන් ගෙඩියක මිල රුපියල් 350 දක්වා ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන් පවසනවා.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා රජය කඩිනම් පියවර නොගන්නේ නම් තමන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවට පත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තිරිගු පිටි මිල ඉහළ යාම හමුවේ මේ වනවිට දිවයින පුරා විවිධ මිල ගණන් යටතේ පාන් අලෙවි වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required