/
/
title icon බාබර් අසාම්ගේ වසර 03 වැඩි වාර්තාව සහයක රිස්වාන් බිඳ හෙලයි.
බාබර් අසාම්ගේ වසර 03 වැඩි වාර්තාව සහයක රිස්වාන් බිඳ හෙලයි.
Editor
1 year ago
Share:
බාබර් අසාම්ගේ වසර 03 වැඩි වාර්තාව සහයක රිස්වාන් බිඳ හෙලයි.

දින 1155 ක් එනම් වසර 03 කට වැඩි කාලයක් විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි පාකිස්ථානයේ බාබර් අසාම් දෙවන ස්ථානයට පත් කරමින් ඔහු සමග ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසෙන මොහොමඞ් රිස්වාන් එහි පෙරමුණට පැමිණ තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේදී රිස්වාන් තරග 3 ක් ක‍්‍රීඩා කර ලබා සිටින ලකුණු සංඛ්‍යාව 192 ක්.

මේ අතර, ශ‍්‍රී ලංකාවේ පැතුම් නිශ්ශංක විස්සයි විස්ස පිතිකරුවන් අතර 8 වන ස්ථානයට පැමිණ තිබෙනවා. විස්සයි විස්ස පන්දු යවන්නන් අතර මහීෂ් තීක්ෂණ ද අට වන ස්ථානයේ පසුවන අතර වනිදු හසරංග 9 වන ස්ථානයට පත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required