/
/
title icon බ්‍රිතාන්‍යයේ ඇමතිවරියක් ධම්මපදයට අත තබා දිවුරුයි.
බ්‍රිතාන්‍යයේ ඇමතිවරියක් ධම්මපදයට අත තබා දිවුරුයි.
Editor
1 year ago
Share:
බ්‍රිතාන්‍යයේ ඇමතිවරියක් ධම්මපදයට අත තබා දිවුරුයි.

ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන එරට පරිසර, ආහාර සහ ග‍්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. 2020 වසරේ මැයි මස සිට මේ දක්වා ඔහු බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන 2015 සිට මේ දක්වාම ඊසානදිග හැම්ප්ෂයර් ප‍්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කරනවා.

2015 වසරේ මැයි 08 වනදා පැවති බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු එරට පාර්ලිමේනතුවට තේරී පත්වූයේ ඡන්ද 35,573ක් ලබා ගනිමින්. ඉන් අනතුරුව 2017 සහ 2020 පැවති මහ මැතිවරණද ඔහු ජයගනු ලැබුවා.

මේ අතර, බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ධම්මපදයට අත තබා එම ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඉන්දීය සම්භවයක් සහිත 42 හැවිරිදි සුඑල්ලා බ්‍රෙවමන් බ්‍රිතාන්‍ය නව ස්වෙද්ශ කටයුතු අමාත්‍යවරිය බෞද්ධ කාන්තාවක්.

මීට පෙර, ඇමරිකානු උප ජනපතිනිය ලෙස පත්වූ ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස් ඇමරිකාවේ ධවල මන්දිරය වෙසක් පොහෝ දිනයේ විදුලි ආලෝකයෙන් වර්ණ ගැන්වීම පිළිබඳව ද විදෙස් මාධ්‍ය වල වැඩි අවධානයක් යොමුව තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required