
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.
ඉන්දීය ආයෝජන සහයෝගිතා මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේ පැවැත්වුණා. එහිදීයි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ.
පසුගිය රජයන් විසින් නිකුත් කළ ඇති චක්‍රලේඛවල ඇතුළත් විධිවිධාන සංවර්ධනයට බාධාවක් වී ඇත්නම් ඒවා කඩිනමින් නිවැරදි කර ගැනීමට පියවර ගත යුතු බවට ජනාධිපතිවරයා නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.