
මාස 03 ක් ඇතුළත පුළුල් දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට පසුගියදා විපක්ෂයේ අසුන්ගත් ඩලස් අලහප්පෙරුම ප‍්‍රමුඛ කණ්ඩායම පවසනවා.
ඔවුන් අද මහනුවරට පැමිණ දළඳා සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයාට සහය පළ කරන ඇතැම් මන්ත්‍රීවරුන්ද පවතින තත්ත්වය සම්බන්ධයෙන් කළකිරීමෙන් පසුවන බවයි.