/
/
title icon සත් හැවිරිදි දැරියක් මරා පතලකට දමයි – මව සහ කතක් අත්අඩංගුවට – අනියම් සැමියා සොයා පොලිසියෙන් විමර්ශන. 
සත් හැවිරිදි දැරියක් මරා පතලකට දමයි – මව සහ කතක් අත්අඩංගුවට – අනියම් සැමියා සොයා පොලිසියෙන් විමර්ශන. 
Editor
1 year ago
Share:
සත් හැවිරිදි දැරියක් මරා පතලකට දමයි – මව සහ කතක් අත්අඩංගුවට – අනියම් සැමියා  සොයා පොලිසියෙන් විමර්ශන. 

පහරදී ඝාතනය කර උරයක දමා මළ සිරුර පතලකට දැමූ රත්නපුර – උඩදෙල්වල – ගඟපහල ප‍්‍රදේශයේ සත් හැවිරිදි දැරියගේ දේහය අනිද්දා ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. ඒ, පොලිසිය රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

මේ වනවිට ප‍්‍රදේශයෙන් පළාගොස් සිටින ඝාතනය සිදුකළ පුද්ගලයා සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.

පසුගිය ජූලි මාසයේ මෙම දැරියගේ මව මැල්සිරිපුර පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම දරුවා කැලණිය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඇති බවටයි. පසුව මේ සම්බන්ධයෙන් පරික්ෂණ රත්නපුර – දෙල්වල පොලිසියට භාර දී ඇති අතර, එහිදී පොලිසිය දැරියගේ මව පිළිබඳව ඇති වූ සැකය හේතුවෙන් ඇයගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරිම් සිදු කර තිබෙනවා.

එහිදි අනාරවණය වී ඇත්තේ මෙම කාන්තාව වෙනත් පුද්ගලයෙකු සමඟ අනියම් සබඳතාවක් පවත්වා ඇති බවයි.

එම පුද්ගලයාද විවාහකයෙකු බවත්, ඔහු සිය නීත්‍යානුකූල බිරිඳට අමතරව ඝාතනයට ලක්වූ දැරියගේ මව මෙන්ම, තවත් කාන්තාවක් අනියම් බිරින්ඳෑවරුන් ලෙස රත්නපුර – උඩදෙල්වල – ගඟපහල ප‍්‍රදේශයේ එකම නිවසක තබා ගනිමින් රැඳී සිට ඇති බවත් අනාවරණ වී තිබෙනවා.

පසුගිය මැයි මාසයේ දිනයකදී ඝාතනයේ ප‍්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ නිවසට රැගෙන ආ පැණි වළල්ලක් දැරිය ආහාරයට ගත් අවස්ථාවේදී සැකකරු විසින් දරුවාට අමානුෂික ලෙස පහරදී ඇති බව සඳහන්. එම පුද්ගලයා සත් හැවිරිදි දියණියට නිතර පහරදීම් සිදු කරන බවයි දැරියගේ මව පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ.

පහරකෑම හේතුවෙන් දැරිය අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියදී, නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා තමා සොයා පොලිසිය පැමිණෙන බැවින් දැරිය රැගෙන කැලයට යන ලෙස අනියම් සැමියා දැරියගේ මවට පවසා තිබෙනවා.

එහිදී දරුවා රැගෙන කැලයට පැමිණි අවස්ථාවේදී තම උකුල මත දැරිය මියගිය බව මව පොලිසියට ප‍්‍රකාශ කර ඇති බව සඳහන්.

අනතුරුව අනියම් සැමියා විසින් දරුවාගේ සිරුර පොහොර උරයක දමා අසල පිහිටි අතහැර දැමූ මැණික් පතලකට දැමූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ මෙන්ම තමන් ද, ඊට සහාය දැක්වූ බව දැරියගේ මව වැඩිදුරටත් පවසා තිබෙනවා. එසේම, සිද්ධිය වන අවස්ථාවේදි එම ස්ථානයට යම් අයෙකු පැමිණෙන්නේ දැයි ඔත්තු බලා ඇත්තේ සැකකරු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති ගැබිණි කාන්තාවයි.

දැරියගේ මව විසින් ඊයේ දිනයේදී පොහොර උරයක බහා දැරිය දැමූ පතල පොලිසියට පෙන්වා ඇති අතර, ඒ අනුව ඊට මේ වනවිට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා.

එසේම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරියගේ මව සහ ඔත්තු බැලූ ප‍්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ මේ මස 21 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required