
රුසියාව විසින් අත්පත් කර ගත් යුක්රේනයේ නැගෙනහිර සහ දකුණේ ප‍්‍රදේශ රැසක් යළි සිය හමුදා ග‍්‍රහණයට ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත්, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ නැගෙනහිර යුක්රේනයේ කාර්කිව් ප‍්‍රදේශයේදී ඇමෙරිකාවේ නිෂ්පාදිත රොකට් විදින යන්ත‍්‍රයක් තම හමුදාව විසින් විනාශ කළ බවයි.