English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඩලස් පිලේ මන්ත‍්‍රීවරුන් දිස්ත‍්‍රික් කමිටු සභාපති ධුරවලින් ඉවතට.

Facebook
Twitter
LinkedIn

දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 18 දෙනෙකු පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ප‍්‍රදානය කරනු ලැබුවේ අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම පත්වීම් ප‍්‍රදානය කෙරුණු අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ප‍්‍රසන්න රණතුංග මෙන්ම පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් ද එක්වුණා.

ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රදීප් උදුගොඩ, ගම්පහ දිස්ත‍්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහන් ප‍්‍රදීප් විදාන, කළුතර දිස්ත‍්‍රික්කය සඳහා සංජීව එදිරිමාන්න, ගාල්ල දිස්ත‍්‍රික්කය සඳහා සම්පත් අතුකෝරල, පත්කර තිබෙනවා. මාතර දිස්ත‍්‍රික්කය සඳහා නිපුණ රණවක මෙන්ම හම්බන්තොට දිස්ත‍්‍රික්කය සඳහා චමල් රාජපක්ෂ යන මන්ත‍්‍රීවරුන් පත් කෙරුණා.

සමන්ප‍්‍රිය හේරත් මන්ත‍්‍රීවරයා කුරුණෑගල දිස්ත‍්‍රික්කයට පත් කෙරුණු අතර, පුත්තලම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චින්තක මායාදුන්නේයි. එච්. නන්දසේන මන්ත‍්‍රීවරයා අනුරාධපුර දිස්ත‍්‍රික්කයටත්, ගුණතිලක රාජපක්ෂ මන්ත‍්‍රිවරයා මහනුවර දිස්ත‍්‍රික්කයටත් පත් කෙරුණා.

මාතලේ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ පත් කළ අතර, නුවරඑළියට පත් කෙරුණේ එස්.බී. දිසානායකයි. සුදර්ශන දෙණිපිටිය බදුල්ල දිස්ත‍්‍රික්කය සඳහා කුමාරසිරි රත්නායක මොණරාගල දිස්ත‍්‍රික්කය සඳහාත් පත් කෙරුණා. රත්නපුර දිස්ත‍්‍රික්කය සඳහා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස අකිල එල්ලාවල පත් කෙරුණු අතර, කෑගල්ල දිස්ත‍්‍රික්කය සඳහා රාජිකා වික‍්‍රමසිංහ, දිගාමඩුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ඞී. වීරසිංහ මෙන්ම ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයට කපිල අතුකෝරාල පත් කෙරුණා.

මෙවර දිස්ත‍්‍රික් කමිටු සභාපති ධුරයන් පිරිනැමීමේදී මේ වනවිිට ඩලස් අලහප්පෙරුම පාර්ශවය නියෝජනය කරන, මීට පෙර දිස්ත‍්‍රික් සභාපති ධුර දැරූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තුන්දෙනෙකු එම ධුරවලින් නෙරපා තිබෙනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් අදාළ මන්ත‍්‍රිවරුන්ට නව පත්වීම් ලබා නොදුන් බවයි. ඒ අනුව මීට පෙර හම්බන්තොට දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උපුල් ගලප්පත්ති එම ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.

එමෙන්ම මහනුවර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර සහ කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ගුණපාල රත්නසේකර ද නව පත්වීම් ලැයිස්තුවට ඇතුළත් කර නැහැ.

මේ අතර ඊයේ නව රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් කිහිපදෙනෙකු අද සිය ධුරවල වැඩ භාරගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000