/
/
title icon භාණ්ඩ අටකට සතොසෙන් සහනයක්.
භාණ්ඩ අටකට සතොසෙන් සහනයක්.
Editor
1 year ago
Share:
භාණ්ඩ අටකට සතොසෙන් සහනයක්.

අද සිට ක්‍රියාත්මක වන පරිදි සතොස අලෙවිසැල් ජාලය මගින් අලෙවි කරනු ලබන භාණ්ඩ වර්ග 08 ක මිල අඩු කර තිබෙනවා.

එහි සභාපති පසඳ යාපා අබේවර්ධන කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආනයනික සුදු කැකුළු, ආනයනික සුදු නාඩු, රතු පරිප්පු, වටානා, සුදු සීනි, හාල්මැස්සන්, සුදු ළුෑණු සහ තිරිඟු පිටි මිල මෙලෙස අඩු කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් 185 කටත්, ආනයනික සුදු නාඩු කිලෝවක් රුපියල් 194 කටත්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 429 කටත් සතොස හරහා ජනතාවට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

සුදු සීනි කිලෝවක් රුපියල් 279 කට අලෙවි කරන අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1350 කටයි අලෙවි කෙරෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required