
ජාතික සභාව පිළිබඳව වූ යෝජනාව ඉදිරිපත්ව නොතිබීම හේතුවෙන් අද පාර්ලිමේන්තුව රැස්වීම විනාඩි විසි හතරකට සීමා වුණා.
මේ හේතුවෙන් අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ශෝක ප්‍රකාශ යෝජනාව විවාදයට නොගෙන පාර්ලිමේන්තුව කල් තැබීමටයි කථානායකවරයා පියවර ගනු ලැබුවේ.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල අද යළි ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියා.
එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ මෙන්ම සභානායක අමාත්‍ය සුසිල් ප්රේම්ජයන්ත්ද ඊට මැදිහත් වුණා. එහිදී සභානායකවරයා කියා සිටියේ අදාළ එකඟතා ලබාදීම ගැටළුවක් නොවන බවයි.