
කළින් දුම්රිය ආසන වෙන්කිරීමේ දින 14 ක කාල සීමාව දින 30 ක් දක්වා දීර්ඝ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මහජනතාවගෙන් ලද ඉල්ලීම්වලට ප්රතිචාර දැක්වීමක් වශයෙන් සහ ඉහළ සේවාවක් මගීන්ට ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව එළැඹෙන 13 වනදා සිට දුම්රිය ආසන දින 30කට පෙර වෙන්කරවා ගැනීමේ හැකියාව මගීන්ට සැලසෙනවා.