
විදුලිබල මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගත කිරීමට අදාළව දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ අදහස් ලබාගැනීම ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ අදාළ සාකච්ඡාව සඳහා සියලූ දේශපාලන පක්ෂවලට සහ මීට පෙර බලශක්ති ක්‍ෂේත‍්‍රයට අදාළව අමාත්‍ය ධුර හෙබවූ පිරිසට ආරාධනා කළ බවයි.
ඒ අනුව පාඨලී චම්පික රණවක, ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලූත්ගමගේ, මහාචාර්ය තිස්ස විතාරණ සහ අජිත් පී පෙරේරා යන පිරිස ඔවුන්ගේ යෝජනා, එම සාකච්ඡාව සඳහා එක්ව සිටි විදුලිබල මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගත කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයින්ට ලබාදී තිබෙනවා.