
ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති සුපිරි හතර දෙනාගේ වටයේ තරඟය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු එකකදී සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණයි.
අනතුරුව ජයග්රාහී ඉලක්කය හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 කදී කඩුළු 05 ක් දැවී තිබියදී ලකුණු 124 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා.
ශ්රී ලංකාව වෙනුවෙන් පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 55 ක් රැස් කළා.