English English සිංහල සිංහල தமிழ் தமிழ்

II එලිසබෙත් මහ රැජිණ වෙනුවෙන් 19 වැනිදා ජාතික ශෝක දිනයක්.

Facebook
Twitter
LinkedIn

දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ලබන 19 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කල බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 1952 සිට 1972 දක්වා ශී‍්‍ර ලංකාවේ අගරැජින ලෙස කටයුතු කළ දෙවන එළිසෙබත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය එදිනට යෙදී ඇති බැවින් රජය මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ලබන 19 වනදා දක්වා සියලූ  රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසටයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

මේ අතර දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවයෙන් පසු නව රජු ලෙස නම් කළ ඇයගේ වැඩිමහල් පුතු වන තුන්වන චාල්ස් රජු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට ලන්ඩන් වෙත ඊයේ පැමිණියා.

තුන්වන චාල්ස් රජු ජාතිය අමතමින් ඊයේ සඳහන් කළේ පක්ෂපාතීත්වයෙන්, ගෞරවයෙන් සහ ආදරයෙන් එක්සත් රාජධානියේ ජනතාවට සේවය කරන බවයි.

වසර හැත්තෑවක කාලයක් කිරුළ දැරූ බි‍්‍රතාන්‍ය මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී පෙරේදා අභාවප‍්‍රාප්ත වූ අතර ඒ වන විට ඇය 96 වන වියෙහි පසු වුණා.

1926 වසරේ අප්‍රේල් 21 වනදා උපත ලැබූ එළිසබෙත් කුමරිය රාජකීය ධුරාවලියට නම් කෙරෙන්නේ ඇයට වයස අවුරුදු 10 දියි. ඒ, ඇයගේ පියා වන හයවන ජෝර්ජ් කුමරු බි‍්‍රතාන්‍යයේ රජු බවට පත්වීමත් සමඟයි.

හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ ඇයට විසිපස්වන වියේදී හිමිවූයේ පියාගේ අභාවයෙන් අනතුරුවයි. එතැන් සිට දශක හතක කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ හෙබවූ ඇය ලොව දීර්ඝතම කාලයක් බලයේ රැඳී සිටි රාජකීයයා බවට පත්වුණා.

මේ අතර බකිංහැම් මාලිගය ඉදිරිපිටට රැස්වූ අති විශාල ජනකායක් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් පුෂ්පෝපහාර පළකරන අකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර දේවස්ථාන ආශ‍්‍රිතව විවිධ වැඩසටහන් පවත්වනු ලබනවා.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට සැළසුම් කර තිබූ විවිධ උත්සව සහ ක‍්‍රීඩා තරගාවලිද අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. එමෙන්ම, රැජිනට ගෞරවය පළ කරමින් ලන්ඩනයේ ස්ථාන කිහිපයකදී ආචාර වෙඩි මුර පළ කිරීම සිදුකෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000