/
/
title icon දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟයක්.
දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟයක්.
Editor
1 year ago
Share:
දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟයක්.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රවේශ පත‍්‍ර හිඟයක් මතුව ඇති බව වාර්තා වනවා.

ඇතැම් මගීන් සඳහන් කළේ, දුම්රිය ස්ථාන මගින් නියමිත මුදලට අනුව ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එස්. පොල්වත්තගේ කියා සිටියේ ප‍්‍රවේශ පත‍්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හිඟය මීට හේතු වී ඇති බවයි.

මේ අතර ලිහිසි තෙල් මිල දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ප‍්‍රවාහන කර්මාන්තය බරපතල අර්බුදයකට ලක්වී ඇති බව ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ නියැලෙන්නන් පවසනවා.

සමස්. ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය පෙන්වා දෙන්නේ මේ වන විට ලිහිසි තෙල් මිල සියයට 200කින් 300කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් පාසල් වෑන් රථ සේවා සහ නඩත්තු කටයුතු වල මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි එම සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ.

මේ අතර ලිහිසිතෙල් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තම කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required